කිසියම් පණවිඩයක් ,සිතට දැනෙණ හැගීමක් , කතා
කරන අකුරු ලෙස හුස්ම ගන්නා පද පෙළක් ලෙස පණ පෙවීමෙන් “කවිය“ මිනිස් සිත තුළන් බිහි විය.
මෙහිදී සිතේ හටගන්නා හැගීම් කවියෙන් ප්‍රකාශ
විය. පාළුව ,තනිකම ,විරහව, වගේම ආදරය ,සෙනෙහස , වෛරය
, පළිගැනීම , සාප කිරීම , සෙත් පැතීම
ජය,පරාජය ,දුක,සතුට
ඇතුළු එකී මෙකී නොකී සියලු හැගීම් කවියට පෙරළා අර්ථවතව
මනාව කීමට සිංහල කවියා තුළ මනා හැකියාවක් තිබුණි.
මේ නිසාම විවිධාකාරයේ කවි බිහිවිය. උදා:
- පැල් කවි,පතල් කවි ,පාරු කවි වැනි ජනකවි ,
- සෙත්කවි, වස් කවි
- ආදරය විරහව රැදුණු කවි..........
කවියක මූලිකාංග
කවියක තිබිය යුතු හෝ තිබිය හැකි අංග ඇත.
එනම්:
- සිව්පද
- එළිවැට/එළිසමය
- නිසි අරුතක් තිබිය යුතුයි.
සිව්පද
කවියක් පද හතරකින් යුක්ත විය යුතුය.
එළිවැට/එළිසමය
ලියන කවියේ පේළි හතරෙම අග අකුරු එකම අකුරෙන්
අවසන් වීම.
නිසි අරුතක් තිබිය යුතුයි.
ලියන කවියේ අර්ථයකි තිබිය යුතුයි.
හිටිවන කවිය
කවි අතර හිටිවන
කවියට ලැබෙනුයේ ප්‍රමුඛ
ස්ථානයකි . ඒ මන්දයත් , පෙර සූදානමකින් තොරව හිතේ හටගන්නා නිර්ව්‍යාජ නිදහස් කවි
නිසාය.
කවි වලට අලංකාර
යෙදීමෙන්, දෝෂ මගහැරවීමෙන් , විරිත් තබා ලිවීමෙන් කවියක ගුණාත්මකභාවය,
රසවත්බව, තව තවත් වර්ධනය කර ගත හැක. සැබවින්ම ..
කවිය වටිනා මැණිකක් නම්..
ඉහත කී අලංකාර යෙදීමෙන්, දෝෂ මගහැරවීමෙන් , විරිත් තබා
ලිවීමෙන් එම මැණික ලස්සනට ඹපමට්ටම් කරනවා සේය.
ඔබ ආදරෙයිනම් කවිපද කලාවට
රසකවි කියමු අපි ඉඩ ඇති වෙලාවට
කවියෙකු විලස සැම නොවැටී මුළාවට
එනුමැන සැවොම අපෙ කවි තක්සලාවට
(කවිය: මලින්ද
බණඩාර කිවිදු - මුහුණුපොතේ “කවි මිතුරෝ“ හිටිවන කවි මඩුවෙන් උපුටා ගන්නා ලදි. )
No comments:
Post a Comment