Tuesday, December 20, 2016

කවිය


කිසියම් පණවිඩයක් ,සිතට දැනෙණ හැගීමක් , කතා කරන අකුරු ලෙස හුස්ම ගන්නා පද පෙළක් ලෙස පණ පෙවීමෙන් “කවිය“  මිනිස් සිත තුළන් බිහි විය.

මෙහිදී සිතේ හටගන්නා හැගීම් කවියෙන් ප්‍රකාශ විය. පාළුව ,තනිකම ,විරහව, වගේම ආදරය ,සෙනෙහස , වෛරය , පළිගැනීම , සාප කිරීම , සෙත් පැතීම

ජය,පරාජය ,දුක,සතුට ඇතුළු එකී මෙකී නොකී සියලු හැගීම් කවියට පෙරළා අර්ථවතව මනාව කීමට සිංහල කවියා තුළ මනා හැකියාවක් තිබුණි.

මේ නිසාම විවිධාකාරයේ කවි බිහිවිය. උදා:

  1. පැල් කවි,පතල් කවි ,පාරු කවි වැනි ජනකවි ,
  2. සෙත්කවි, වස් කවි
  3. ආදරය විරහව රැදුණු කවි..........



කවියක මූලිකාංග

කවියක තිබිය යුතු හෝ තිබිය හැකි අංග ඇත.

එනම්:

  1. සිව්පද
  2. එළිවැට/එළිසමය
  3. නිසි අරුතක් තිබිය යුතුයි.



සිව්පද

කවියක් පද හතරකින් යුක්ත විය යුතුය.



එළිවැට/එළිසමය

ලියන කවියේ පේළි හතරෙම අග අකුරු එකම අකුරෙන් අවසන් වීම.



නිසි අරුතක් තිබිය යුතුයි.

ලියන කවියේ අර්ථයකි තිබිය යුතුයි.



හිටිවන කවිය

කවි අතර හිටිවන කවියට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි . ඒ මන්දයත් , පෙර සූදානමකින් තොරව හිතේ හටගන්නා නිර්ව්‍යාජ නිදහස් කවි නිසාය.



කවි වලට අලංකාර යෙදීමෙන්, දෝෂ මගහැරවීමෙන් , විරිත් තබා ලිවීමෙන්  කවියක ගුණාත්මකභාවය, රසවත්බව, තව තවත් වර්ධනය කර ගත හැක. සැබවින්ම ..

කවිය වටිනා මැණිකක් නම්.. ඉහත කී අලංකාර යෙදීමෙන්, දෝෂ මගහැරවීමෙන් , විරිත් තබා ලිවීමෙන් එම මැණික ලස්සනට ඹපමට්ටම් කරනවා සේය.



ඔබ ආදරෙයිනම් කවිපද                          කලාවට

රසකවි කියමු අපි ඉඩ ඇති                      වෙලාවට

කවියෙකු විලස සැම නොවැටී                   මුළාවට

එනුමැන සැවොම අපෙ කවි               තක්සලාවට

(කවිය: මලින්ද බණඩාර කිවිදු - මුහුණුපොතේ “කවි මිතුරෝ“ හිටිවන කවි මඩුවෙන් උපුටා ගන්නා ලදි. )


No comments:

Post a Comment